කොවිඩ් වසංගතය හා එන්නත් පිළිබඳව සැබෑ බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කරන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2022-04-12 10:25:00
Share with:

 

               කොවිඩ් වසංගතය හා එන්නත් පිළිබඳව සැබෑ බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කරන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

              ඊයේ (11) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කොවිඩ් වසංගතය හා එන්නත් පිළිබඳ සමුළුවක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චං ජුන් මහතා ඊට එක්වෙමින් සැබෑ බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කරන ලෙස ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේ ය. කොවිඩ් වසංගතය හටගෙන වසර 3ක් ගත වී තිබේ. මෙම වසංගතය පාලනය කිරීම සඳහා ජගත් ප්‍රජාවට මූලික හැකියාව ලැබී ඇත. වත්මන් කාලයේ ලෝකයට අවශ්‍ය වන්නේ සැබෑ බහුපාර්ශ්වවාදය බව චං ජුන් මහතා කියා සිටී. පශ්චාත් වසංගත යුගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වය යටතේ විවිධ රටවල් සමගිය, අන්‍යෝන්‍ය ගෞරවය , සාමය, විශ්වාසය, සහයෝගිතාව සහ පොදු ජයග්‍රහණය පදනම් කරගෙන වඩාත් සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතයා අවධාරණය කර ඇත.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම