රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග මුදල් ඇමතිවරයා පැහැදිලි කරයි
2022-04-12 17:16:20
Share with:

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර, රටට අවශ්‍ය මුදල් කඩිනමින් සපයාගැනීම රජයේ අරමුණ බව මුදල් ඇමති අලි සබ්‍රි මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ, රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදෙස් ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාගැනීම රජයේ අපේක්ෂාවයි. ලබන ජූලි මාසය වනවිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් කෝටි 100 කට අධික ණය සඳහා විසඳුමක් සෙවීමට හවුල්කාර පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට හැකිවනු ඇතැයි මුදල් ඇමතිවරයා විශ්වාසය පළකළේය.

ඉන්ධන, ගෑස් ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම විදුලිය සැපයුමද සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා රජය ප්‍රමුඛස්ථානය දී ඇතැයි ද ඇමති අලි සබ්‍රි මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම