ලොවට ගැටුම් නිර්මාණය කරදෙන්නේ කවුරුන් ද?
2022-04-12 14:54:36
Share with:

යුක්රේන ජීව පර්යේෂණාගාරයේ සේවකයන්ගෙන් ලබාගැනුණු ලේඛන රුසියානු ජාතිකාරක්ෂක අමාත්‍යාංශය ඉකුත් මස මැදදී නිකුත් කළේ ය. ඇමරිකාව සහ එරට හවුල්කරුවෙකු වන NATO සංවිධානය යුක්රේනය තුළ සිදු කර ඇති ජීව අවි පර්යේෂණ පිළිබඳව ඉන් අනාවරණය කෙරේ.

ඇමරිකාව, තමා බලසම්පන්නව සෙසු රටවල් සමග සහයෝගිතා පවත්වමින් ‘ ජීව විෂබීජ ඇති කර ගන්නා ’ අතර, සිය අභි‍මතය පරිදි ගැටුම් නිර්මාණය කර තිබේ. ගතවූ වසර 20ක් තුළ, ඊනියා ‘වර්ණ විප්ලව’ හටගෙන ඇත. ජෝර්ජියාවේ ‘රෝසමල් විප්ලවය’, යුක්රේනයේ ‘තැඹිලි වර්ණ විප්ලවය’ හා කිර්ගිස්ථානයේ ‘ටියුලිප් මල් විප්ලවය’ ඊට ඇතුළත් ය. ඒ වෙනුවෙන් පෙනී සිටි බව ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත. ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රවාදය බලෙන් පවරාදෙනු ලැබූ එවැනි රටවලට ස්ථාවරත්වය හා සමෘද්ධිය කිසිසේත් ම සාක්ෂාත් කර ගත නොහැකි ය.

ඇමරිකානු Brown විශ්වවිද්‍යාලයේ ‘යුද්ධ පිරිවැය’ පිළිබඳ ව්‍යාපෘතියට අනුව නිකුත් කෙරුණු වාර්තාවේ සඳහන් වන පරිදි, “9·11” සිද්ධියේ සිට මේ දක්වා, ඇමරිකාව ලොව රටවල් 85 ක් තුළ ඊනියා ත්‍රස්ත-විරෝධී ක්‍රියාකාරකම් සිදුකර ඇත. ඉන් මිය ගිය සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව 363 000ත් 387 000ත් අතර පවතී. යුද්ධවලින් සරණාගතයන් බවට පත්වූ හා අවතැන් ව සිටින සංඛ්‍යාව කෝටි 3.8 ඉක්මවා තිබේ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම