ඇමරිකාව ජගත් ප්‍රජාවේ පිළිකුළට ලක්වනු ඇත
2022-04-12 16:58:32
Share with:

“අපි බොරු කියනවා.වංචා කරනවා. සොරකම් කරනවා.එවැනි දේ ඉගැන්වීම සඳහා අපට විශේෂ පාඨමාලාවක් තිබෙනවා. මෙය ඇමරිකාවේ අඛණ්ඩ ගවේෂණයේ සහ ප්‍රගතියේ මහිමයයි.  ”

2018 වසරේ එවක ඇමරිකානු රාජ්‍යලේකම්වරයා විශ්වවිද්‍යාලයක පැවැත්වූ දේශනයකදී මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකාව යුක්‍රේනයට හමුදා නොයවන බව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කිහිප වතාවක් අවධාරණය කර ඇත.

එහෙත් ඇමරිකාව, යුක්රේනයට ප්‍රබලව සහාය දෙන ලෙස බටහිර ලෝකය දිරිමත් කරන අතර, රුසියාව කුපිත කිරීමට යුක්රේනය පොළඹවමින් සිටී.අවසානයේදී, ඇමරිකාව "අත්වැල් බැඳගෙන" යුක්රේනය යුද්ධයට තල්ලු කළ අතර, යුද්ධය අතරතුර යුක්රේනයට "උදව් හැර වෙනත් ඕනෑම සහයෝගයක්" ලබා දුන්නේය.

ඒ කාලය තුළ ඇමරිකානු දේශපාලනඥයන් මාධ්‍ය ආයතන ප්‍රමුඛත්වයෙන් සමස්ත ඇමරිකාව හා බටහිර රටවල් එක්ව පෙර නොවූ ආකාරයේ සමගියක් මවා පා ඇත.

ප්‍රතිවාදියාට අවාසිදායක, පදනම් විරහිත, සියලු අසත්‍ය "ප්‍රවෘත්ති" ඇමරිකාව විසින්ම සකස් කෙරේ. අවසානයේ ඇමරිකානු මාධ්‍ය ආයතන හා දේශපාලනඥයන් ඇමරිකාවට හිමිකර දෙනු ඇත්තේ මොනවාද? සිදුවිය හැක්කේ ඇමරිකාව කෙරෙහි විශ්වසනීයත්වය බිඳීයාම, ඩොලර් ආධිපත්‍යය බිඳවැටීම සහ ලොව පුරා සාමයට ආදරය කරන මිනිසුන්ගේ අප්‍රසාදයට හා  පිළිකුළට ලක්වීම පමණකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම