අධික වැසි හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය ඉහළට
2022-04-12 17:18:01
Share with:

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පවතින නිසා ජලවිදුලි නිෂ්පාදනය සියයට 31 දක්වා ඉහළ නැංවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

බලාගාර ආශ්‍රිත ජලාශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඒවායේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉකුත් දිනවල ජල හිඟය නිසා විදුලි උත්පාදනය සියයට 7ක පමණ  ඉතා පහළ මට්ටමකට පැවතිණ.

කෙසේ වෙතත් ඉදිරියේදී ජලවිදුලි ජනනය සියයට 50ක් පමණ ඉහළ නංවා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම