ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල බරපතල වෙඩිතැබීම්
2022-04-11 10:38:42
Share with:

ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල, ඉකුත් සතිඅන්තයේ බරපතල වෙඩි තැබීම් සිදුවෙයි.

අයෝවා ජනපදයේ  Cedar Rapids  නගරයේ පොලීසිය වාර්තා කළේ, ඊයේ (10) අලුයම  රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලැබූ බවයි. සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

ඇමරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව, ඉලිනොයිස් ජනපදයේ එල්ජින් නගරයේ පැවති සාදයකදී ඊයේ (10 ) අලුයම වෙඩි තැබීමක් සිදු විය. හයදෙනෙකුට ඉන් තුවාල සිදු වූ අතර, එක් අයෙක් මියගොස් ඇත.

ඉන්දියානා ජනපදයේ ඉන්ඩියානාපොලිස් නගරයේ ද ඊයේ (10) අලුයම කිසියම් සාදයකදී වෙඩි තැබීමක් සිදු වූ අතර, ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස්, තවත් පස්දෙනෙකුට තුවාල සිදු විය.

පසුගිය 3 වැනිදා අලුයම කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ අගනුවර බරපතල වෙඩි තැබීමක් සිදු විය. සිද්ධියෙන් 6 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය තහවුරු කළේය.

ඇමරිකාවේ "Gun violence file" වෙබ් අඩවියේ සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ( 10 )සවස් වන විට, තුවක්කු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ වසරේ ඇමරිකාවේ අවම වශයෙන් පුද්ගලයන් 11668 ක් මිය ගොස් 9270 දෙනෙකු තුවාල ලබා තිබේ. පුද්ගලයන් හතරක් හෝ වැඩි ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති සමූහ වෙඩි තැබීම් අවම වශයෙන් 127 ක් සිදු වී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම