ජනපති සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර තවත් සාකච්ඡාවක් 12 වැනිදා
2022-04-11 17:16:03
Share with:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර සර්වපාක්ෂික අන්තර්වාර රජයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් 10 වැනිදා පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් අන්තර්වාර රජයක් සඳහා වන යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද අතර, ජනපති පාර්ශ්වයෙන් ද ඒ සඳහා සංශෝධන ඉදිරිපත් වූ බව වාර්තා වේ.

ජනපති පාර්ශ්වයෙන් ජනාධිපතිවරයා පමණක් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර ,ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පිරිසක් මීට එක්වූහ. දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡා වටයක් හෙට (12) දිනයේ පැවැත්වීමට ද එකඟතා පළ වී ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම