ජනපති මැක්‍රොන් සහ ජාතික ලීග අපේක්ෂිකා Marine Le Pen ප්‍රංශ ජනපතිවරණයේ දෙවන වටයට
2022-04-11 11:18:49
Share with:

ප්‍රංශ මාධ්‍ය විසින් ඊයේ (10) නිකුත් කරන ලද මත විමසුම් ප්‍රතිඵලවලට අනුව, වත්මන් ජනාධිපති Emmanuel Macron මහතා සහ දක්ෂිණාංශික පක්ෂය වන ජාතික ලීගයේ අපේක්ෂිකා Marine Le Pen මහත්මිය එදින පැවති ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර දෙවන වටයට පිවිසීමට නියමිතයි.

Emmanuel Macron මහතා සියයට 28.2 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, Marine Le Pen මහත්මිය සියයට 23.4 ක් ලබා ගත්තාය.

Emmanuel Macron මහතා එදින රාත්‍රියේ ප්‍රසිද්ධ දේශනයකදී කියාසිටියේ විශ්වාසය එක්රැස් කිරීම සඳහා මෙන්ම, රට වෙනුවෙන් එක්ව සේවය කිරීමට ජනතාව එක්සත් කිරීම සඳහා නව්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර, ඉදිරි වසර පහ තුළ ප්‍රංශයේ දේශපාලන තීරණ කෙරෙහි මෙවර මැතිවරණය බලපානු ඇති බවත්, ප්‍රංශයේ පිළිවෙල යථා තත්ත්වයට පත්කිරීම සඳහා වසර පහක් වෙන් කරන බවත් Marine Le Pen මහත්මිය ප්‍රසිද්ධ දේශනයකදී  පැවසුවාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම