චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්පූර්ණ කිරීම කාලීව අවශ්‍යතාවක්
2022-04-11 15:34:20
Share with:

චීන ශ්‍රී ලංකා සබඳතා නව යුගයේ වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇතැයි අනෝමා ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂ සාලිය අනුරාධ මහතා පවසයි.

චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වන සංවත්සරය යෙදෙන මෙම වසර එම සබඳතාව තවදුරටත් වර්ධනය කිරීමේ සුවිශේෂී වසරක් බව හෙතෙම කියා සිටී. එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ සක්‍රීය හවුල්කරුවෙකු ලෙසට ශ්‍රී ලංකාවට චීනය සමග සංවර්ධනයේ නව ඉසව් සොයා යා හැකි බවද හෙතෙම කියා සිටී. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ‍දෙන ආර්ථික අභියෝග ජය ගැනීමට ඉතා වැදගත් වන්නේ විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමය. ඒ සඳහා ඉතා වැදගත් වේදිකාවක් ලෙසට එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යොදා ගත හැකිය. විශේෂයෙන් වරාය නගර ව්‍යාපෘතියට වඩාත් වැඩි චීන ආයෝජකයන් කැඳවා ගැනීම වැදගත් බවද සාලිය අනුරාධ මහතා කියා සිටී. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීම ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයට උපකාරීවෙයි. එය වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටළුවට සහනයක් ගෙන දෙනු ඇතැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම