අභියෝග ජයගෙන වඩා ශක්තිමත් ආර්ථිකයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් බව ලෝක බැංකුව කියයි
2022-04-11 17:11:11
Share with:

සාමූහික ප්‍රයත්නයක් තුළින් වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාව සමත් බව, ලෝක බැංකුව අවධාරණය කරයි. කොවිඩ්-19 වසංගතය ප්‍රශංසනීය ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවිය. 

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව මූල්‍ය හිඟයකින් සහ ගෙවුම්ශේෂයේ ජංගම ගිණුමේ හිඟයකින් පෙළෙන බව ලෝක බැංකුව පෙන්වාදෙයි. ජාත්‍යන්තර සම්බන්ධීකරණයෙන් ගෙවුම් ශේෂය ස්ථාවර කළ හැකිය. අර්බුදයකින් රටවල් ශක්තිමත් වූ පළමු අවස්ථාව මෙය නොවන බව ලෝක බැංකුවේ බ්ලොග් අඩවියේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ටෙලිකොම් අංශය සියයට 32 කින්, එහි මූල්‍ය අංශය සියයට 20 කින් හා මූල්‍ය සේවා අංශය සියයට 28 කින් ප්‍රසාරණය වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ අනාගතය  යහපත් බව පෙනී යයි. අනෙකුත් දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සේවා දළ දේශීය නිෂ්පාදිතය ද ප්‍රතිශතයක් ලෙස ඉහළ අගයක් ගනී.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළම සේවා සපයන්නන් ශ්‍රී ලංකාවේ සිටින බව ද ලෝක බැංකුව සඳහන් කරයි. ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යක්ෂ ෆාරිස් හැඩඩ්-ශෙර්වෝස් සහ දකුණු ආසියාවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ හැන්ස් ටයිමර් විසින් මෙම ලිපිය සම්පාදනය කරනු ලැබ ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම