මෙම වසරේ මක්කම වන්දනාවට මිලියනයක්
2022-04-10 19:11:06
Share with:

මෙම වසරේ මක්කම වන්දනාවට පිළිගන්නා සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කරන බව සෞදි අරාබිය පවසයි.

සෞදි අරාබියේ වන්දනා කටයුතු අමාත්‍යංශය ඊයේ(9) මේ බව ප්‍රකාශ කළේය. වන්දනා කරන දෙස් විදෙස් පුද්ගලයන් අදාළ වසංගත රෙගුලාසි අනුගමනය කළ යුතු බව සෞදි අරාබියේ වන්දනා කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය. ඔවුන් වයස අවුරුදු 65කට අඩු විය යුතු අතර සෞදි අරාබිය අනුමත කරන එන්නත් ලබා ගෙන තිබිය යුතු ය. එමෙන්ම විදේශකයන් ඍණාත්මක PCR සහතික පත්‍ර ඉදිරිපත් කළ යුතු ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම