ණය කාඩ්පත් සහ උකස් පහසුකම් මත පනවා තිබූ උපරිම පොළී අනුපාතික සීමා ඉවතට
2022-04-10 19:03:17
Share with:

මහ බැංකුව ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති වෙනස් කිරිම් ඵලදායි ලෙස සම්ප්‍රේෂණය කිරීම සදහා ණය කාඩ්පත් ,පෙර ගිවිස ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පහසුකම් මත පනවා තිබූ උපරිම පොළී අනුපාතික සීමා ඉවත් කෙරේ. මුදල් සහ ණය ප්‍රසාරණය අඩුවීම සංසරණයේ පවතින අතිරික්ත මුදල් බැංකු පද්ධතිය වෙත නැවත ලබාගැනීමට පෙළඹවීම පොලී අනුපාතික විෂමතා ඉවත් කිරීම, විනිමය අනුපාතික මත පවතින පීඩන ලිහිල් කිරීම සහ ආර්ථිකයේ ඉල්ලුම් පීඩන ඇතිවීම අවම කිරීම එහි එක් අරමුණකි.

මූල්‍ය උපකරණ සදහා වන පොලි අනුපාතික ඉහළ නංවන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව එම ආයතනවලට දැනුම් දෙයි. විශේෂයෙන්ම තැන්පත්කරුවන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා තැන්පතු පොළී අනුපාතිකය වැඩි කරන ලෙසට ද  මහ බැංකුව දන්වා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම