පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වෙයි
2022-04-10 19:53:56
Share with:

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වෙයි. පාකිස්ථාන පාර්ලිමේන්තුවේ 342ක් වන මන්ත්‍රීවරුන් ගෙන් 174 දෙනෙක් ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.පාර්ලිමේන්තු කථානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු වෙනත් පාර්ලිමේන්තු සාමාජිකයෙකු විසින් විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිපලය ප්‍රකාශයට පත් කරන ලදි. එරට පාලක පක්ෂය වන Tehreek-e-Insaf පක්ෂය ඡන්ද විමසීමට සහභාගී නොවී පාර්ලිමේන්තුවෙන් පිටව ගියේය. ඉම්රාන් ඛාන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එරට විපක්ෂ සංධානය විසින් භාර දෙනු ලැබුවේ පසුගිය මස විසි අට වෙනිදාය. අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ බාහිර බලවේගයන්ට පාකිස්ථාන රජය පෙරළීමේ කුමන්ත්‍රනය සාර්ථක කර ගැනීමට ඉඩ දිය නොහැකි බවට පවසමිනි.ඔහුගේ එම තීරණයට එරෙහිව තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජ්‍ය කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව සඳහන් කළේය.

 

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම