ජලාශ ආශ්‍රිතව තද වැසි
2022-04-10 19:02:31
Share with:

දිවයිනේ ජලාශවල ජලාධාරිතාව සියයට 67 ක මට්ටමට ළගා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තම්න්තුව සඳහන් කරයි. පවතින වැසි සහිත කාලගුණික තත්ත්ය මත මෙලෙස ජල මට්ටම වැඩි වී තිබේ.එනිසා ඉදිරි යල කන්නය සදහා ගැටලුවකින් තොරව ගොවීන්ට ජලය ලබාදීමට හැකි බව වාරීමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා කියයි. තවදුරටත් ජල මට්ටම ඉහළ යා හැකි බවද හෙතෙම පෙන්වා දෙයි. ‍මේ අතර දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100වැඩි තද වැසි  ලැබිය හැකිය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම