ඉරානය “ත්‍රස්තවාදී සහ මානව හිමිකම් විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ” ඇමරිකාවේ පිරිසක් අසාදු ලේඛනගත කරයි
2022-04-10 19:42:27
Share with:

ඉරානය “ත්‍රස්තවාදී සහ මානව හිමිකම් විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ” ඇමරිකාවේ තවත් නිලධාරීන් සහ පුද්ගලයන් 24 දෙනෙකු අසාදු ලේඛනගත කරයි.

ඉරානයේ මානව හිමිකම් සහ ත්‍රස්ත විරෝධී නීතිවලට අනුකූලව ඔවුන් අසාදු ලේඛනගත කර තිබේ.

ඉරාන ජනතාවට සහ රජයට එරෙහිව  ඇමරිකාවේ ඒකපාර්ශ්වික බලහත්කාරී ක්‍රියාමාර්ගවලට අනුග්‍රහය දැක්වීම, සංවිධාන කිරීම, ක්‍රියාවට නැංවීම සහ තීව්‍ර කිරීම යන චෝදනා එම පිරිසට එරෙහිව එල්ල වී තිබේ.ඊට අමතරව ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අනුග්‍රහය දැක්වීම සහ අනුබල දීම මෙන්ම ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය දැක්වීම සහ විශේෂයෙන් පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ පීඩාකාරී පියවරයන්ට සහාය වීමද ඔවුන්ට එරෙහි චෝදනාවන්ය.

COVID-19 වසංගතය මධ්‍යයේ ඇමරිකාවේ  ඒකපාර්ශ්වික බලහත්කාරී සම්බාධක පියවර මගින් ඉරාන වැසියන්ගේ ජීවන තත්ත්වයන් උග්‍ර කර ඇති අතර ඔවුන්ට ඖෂධ මෙන්ම වෛද්‍ය සේවා සහ උපකරණ සඳහා ප්‍රවේශය වැළැක්වීම මගින් මූලික අයිතිවාසිකම් අහිමි කර ඇති බවට ද ඉරානය චෝදනා කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම