චීනය හා සර්බියාව දෙරටේ විදේශ ඇමතිවරුන් අතර දුරකථන සාකච්ඡාවක්
2022-04-09 18:51:32
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා ඊයේ(8) සර්බියා  විදේශ ඇමතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

සර්බියාවේ විදේශ ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේ, සර්බියා-චීන සහයෝගීතාව ජාත්‍යන්තර තත්වයේ කැළඹිලිකාරී බලපෑම් ජයගෙන ක්‍රමානුකූලව ඉදිරියට ගමන් කරමින් ඇති බවයි. දෙරට අතර "එක් තීරයක් එක් මාවතක්"  වැඩපිළිවෙලේ උසස් ගුණාත්මන සම්බන්ධීකරණයන් වර්ධනය කෙරෙන අතර, ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව පෙර නොවූ විරූ ප්‍රතිඵල අත්කර ගෙන ඇත. චීන ව්‍යවසායන් සර්බියාවේ ජාතික ඉදිකිරීම් වෙනුවෙන් ක්රියාකාරීව සහභාගී වන අතර, එය සර්බියාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කර ඇති බව, සර්බියා විදේශ ඇමතිවරයා සඳහන් කළේ ය.

සර්බියාවේ දිගුකාලීන සහ විශ්වාසවන්ත මිතුරෙකු සහ පූර්ණ උපායමාර්ගික හවුල්කරුවෙකු වන චීනය, සර්බියාවේ ජාතික ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ගරුත්වය ආරක්ෂා කිරීමට ස්ථිර ලෙස සහාය වනු ඇති අතර, සර්බියාවට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට චීනය දැඩි ලෙස සහාය දක්වන බවත්, වං යී මහතා සඳහන් කළේ ය.

ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික වේදිකාවල සර්බියාව සමඟ අඛණ්ඩව එකිනෙකාට සහයෝගය ලබා දීමට චීනය ද කැමැත්තෙන් සිටී. සර්බියාව සංකීර්ණ හා වෙනස්වන බාහිර පරිසරයකට මුහුණ දෙමින් සිටී. එහෙත් නොසැලී අඛණ්ඩව සංවර්ධන මාර්ගයේ ගමන් කිරීමෙන් දුෂ්කරතා සහ බාධක ජය ගත හැකි බව, වං යී මහතා එහිදී කියා සිටියේ ය.

සංවාදය ඉතා කාලෝචිත සහ වැදගත් බව දෙපාර්ශවයේ ම අදහස විය. ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය පිළිබඳව චීනය සහ සර්බියාව පූර්ණ විශ්වාසයකින් පසුවෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම