පවතින සත්‍ය තත්ත්වය ජනතාවට ‍නොසඟවා පැවසිය යුතු බව මහ බැංකු නව අධිපතිවරයා පවසයි
2022-04-09 18:55:03
Share with:

දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට මේ මොහොතේ කළයුතු පළමු කාර්යය වන්නේ රටේ වත්මන් තත්ත්වය පැහැදිලිව ජනතාවට හෙලි කිරීම බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කිසිදු ගැටඵවක් නොමැති බව පවසමින් ජනතාව මුලා කිරීම මේ අවස්ථාවේ නොකළ යුතුය. මෙරට ආර්ථිකය දැන් පවතින්නේ දැඩි අභියෝගාත්මක දුෂ්කර අවස්ථාවක බව ඔහු පෙන්වා දෙයි. එම ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නම් අසීරු සහ දැඩි තීරණ ගැනීමට මහ බැංකුවට සිදුවෙයි. ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව මැයෙන් ඊයේ රාත්‍රියේ සියලුම මාධ්‍ය නාලිකා ආවරණය කරමින් පැවැති සංවාදයේදී ඔහු මේ බව කීවේය. මෙම තත්ත්වයෙන් ගොඩඒමට හැකියාවක් ඇතැයි තමන්ට විශ්වාසයක් ඇති බව ඔහු සදහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම