චීනය බ්‍රික්ස් රටවල් සමග මූල්‍ය සහ මූදල් සහයෝගීතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කරයි
2022-04-09 19:06:43
Share with:

චීනය බ්‍රික්ස් රටවල් සමග මූල්‍ය සහ මූදල් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කරන බව චීන මුදල් අමාත්‍ය Liu Kun  මහතා පවසයි.

මෙම වසරේ පළමු බ්‍රික්ස් මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී හෙතෙම මේ බව පැවසීය.

මෑත වසරවලදී, බ්‍රික්ස් රටවල් ශක්තිමත් සහයෝගීතා ගම්‍යතාවක් පවත්වා ගෙන යාමට සමත් ව තිබේ.

ගෝලීය ආර්ථික පාලනය ප්‍රශස්ත කිරීම සහ ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය සහ උසස් තත්ත්වයේ සංවර්ධනය ඉහළ නැංවීම සඳහා ඉන්  වැදගත් දායකත්වයක් හිමිව ඇති බව ද චීන මුදල් ඇමතිවරයා සඳහන් කළේ ය. 

මන්දගාමී ගෝලීය ආර්ථික වර්ධනය, සංකීර්ණ ගෝලීය තත්වය සහ බාධාකාරී ගෝලීය සංවර්ධනය මධ්‍යයේ තම වගකීම්වලට උරදෙන දෙමින් ගෝලීය ආර්ථිකය නංවාලීම සඳහා සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කරන ලෙස හෙතෙම බ්‍රික්ස් රටවලින් ඉල්ලා සිටියේය. 

මෙම වසරේ චීනය විසින් සත්කාරකත්වය දරන 14 වැනි බ්‍රික්ස් සමුළුවට සූදානම් වීම සඳහා මූල්‍ය සහ මූදල් සහයෝගීතාවයේ ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීමට චීනය සෙසු සාමාජික රටවල් සමඟ කටයුතු කිරීමට සූදානමින් සිටී.

 

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම