අලුත් අවුරුදු සමය වෙනුවෙන් අමතර බස් සේවා
2022-04-08 20:08:46
Share with:

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව උදෙසා පොදු බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගනී. දවසේ පැය 24 පුරා විශේෂ මෙහෙයුම් මැදිරියක් ද එම කාලය තුළ ක්‍රියාත්මකයි. බස් සේවාවේ ගුණාත්මක බව පවත්වා ගැනීම සදහා ජංගම නිරීක්‍ෂණ නිලධාරින් සේවයේ යෙදවෙනු ඇත. අලුත් අවුරුදු සමයේ බස් රථවල ඇති වන තදබදය අවම කිරීමට බස් සංචිතයක් පවත්වාගෙන යාමටද තීරණය කර තිබේ.

අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි. පළමු අදියර අද සිට 15 වැනිදා දක්වා කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ සිට ක්‍රියාත්මක කෙරේ.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම