අප්‍රිකාවේ ජනගහණයෙන් තුනෙන් දෙකකට COVID-19 වෛරසය ආසාදනය වී තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
2022-04-08 10:02:27
Share with:

අප්‍රිකාවේ ජනගහණයෙන් තුනෙන් දෙකකට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂිකා  Matshidiso Moeti මහත්මිය  ඊයේ (7) කොංගෝ රජයේ බ්‍රසාවිල් හි පැවති මාර්ගගත මාධ්‍ය හමුවීමේදී මේ බව ප්‍රකාශ කළාය.අප්‍රිකාවේ COVID-19 වෛරසය ආසාදිත වූ සැබෑ සංඛ්‍යාව, වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව මෙන් 97ගුණයකින් වැඩි විය හැකි බව ඇය එහිදී සඳහන් කළාය. අප්‍රිකාවේ ජනගහණයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිස COVID-19 වෛරසය ආසාදනය වූ හෝ ආසාදනය වී ඇති බව අදාළ සංඛ්‍යාව මගින් හෙළි කර ඇත.

එමෙන්ම COVID-19 වෛරසය තවමත් පැතිර යමින් පවතින අතර, ඊට පෙර මතු වූ වෛරස් ප්‍රභේදයන්ට වඩා මරණීය ප්‍රභේදයක් ඇතිවීමට ඉඩ තිබෙන බව ද ඇය පැවසුවාය. ඒ හේතුවෙන් දැනට COVID-19 වෛරසය කෙරෙහි ක්‍රියාත්මක කරන පරීක්ෂණ, ආසාදිතයන්ගේ සමීපතමයන් සොයා ගැනීම් හා සමීක්ෂණ යන පියවර අඛණ්ඩව පැවැත්වීම අත්‍යවශ්‍ය බව ඇය පැහැදිලි කළාය.එමෙන්ම එන්නත් ලබා දීමේ වැදගත්කම ද Matshidiso Moeti මහත්මිය එහිදී යළි අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම