එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රුසියානු සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව සම්මත වේ
2022-04-08 09:45:02
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි.

යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හදිසි විශේෂ රැස්වීමක් ඊයේ(7) පැවැත්වීය. පක්ෂව ඡන්ද 93ක්, විපක්ෂව ඡන්ද 24ක් සහ ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 58ක් සමගින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව එම රැස්වීමේදී සම්මත කෙරිණ.

මේ අතර, රුසියාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය නියමිත දිනයට පෙර, 7වැනිදා සිට අවසන් කිරීමට තීරණය කර ඇතැයි රුසියානු විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ රාජ්‍ය නායකයන් රුසියාව කෙරෙහි දක්වන මිත්‍රශීලී නොවන හැසිරීමට ප්‍රතිචාර වශයෙන් එරට නායකයන්ට පුද්ගලික සම්බාධක පනවන බව ද රුසියාව 7වැනිදා ප්‍රකාශ කළේය. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු 228 දෙනෙක් සහ නවසීලන්ත අග්‍රාණ්ඩුකාරවරයා  හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පුද්ගලයෝ 130 දෙනෙක් සම්බාධක ලැයිස්තුවට ඇතුළත්‍ වෙති.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම