රුසියාවට ‍එරෙහිව ඇමරිකාවෙන් තවත් සම්බාධක
2022-04-07 11:15:55
Share with:

ඇමරිකාව රුසියාවට එරෙහි නව සම්බාධක වටයක් ප්‍රකාශයට පත් කරයි. රුසියාවේ ප්‍රධාන මූල්‍ය ආයතන සහ  රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ට එරෙහිව ඊයේ (06) එම සම්බාධක පැනවීම සිදු කෙරිණ.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව රුසියානු රජයයේ ස්වෛරී ණය ආපසු ගෙවීම සඳහා ඇමරිකානු අධිකරණ බලය යටතේ අරමුදල් භාවිත ඉන් තහනම් කර ඇත. 

මේ අතර, අපේක්ෂාවන් අවම වුවද රුසියාව සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවත් එසේ නොවුනහොත් යුද්ධය අවසන් කිරීම දුෂ්කර වනු ඇති බවත් යුක්රේන ජනාධිපති Volodymyr Oleksandrovych Zelenskyපැවසීය. යුක්රේන ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය ඊයේ (6) පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ රුසියාව සමඟ වෙළඳ කටයුතු නිල වශයෙන් අවසන් කරන ලෙසට එරට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන් බවයි. යුක්රේනය සහ රුසියාව අතර ගැටුමෙන් පසුව, දෙරට අතර ආනයන හා අපනයන දැනටමත් නතර වී තිබේ.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම