ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට පියවර
2022-04-07 19:01:23
Share with:

මතුව ඇති තත්ත්වයන් යටත් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමු වෙයි.ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වේ.

පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ, ප්‍රියන්ත වීරසූරිය, පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට  එක්ව ඇත.

ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පත් කිරීමට එහිදී සාකච්ඡා වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම