ගිවිසුමකට එළඹීමට හැකි වුවහොත් කේන්ද්‍රාපසාරී යන්ත්‍ර ප්‍රමාණය අඩු කරන බව ඉරානය කියයි
2022-04-07 11:07:04
Share with:

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව ගිවිසුමකට එළඹීමට හැකි වුවහොත් කේන්ද්‍රාපසාරී යන්ත්‍ර ප්‍රමාණය අඩු කරන බව ඉරානය පවසයි.

ඉරාන පරමාණු බලශකත්ති ඒජන්සියේ සභාපිත Mohammad Eslami මහතා ඊයේ(6) මේ බව ප්‍රකාශ කළේය. ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්න පිළිබඳ පූර්ණ ගිවිසුම හා සම්බන්ධ පර්ශ්වයන් ගිවිසුමකට එළඹුනහොත් කේන්ද්‍රාපසාරී යන්ත්‍ර ප්‍රමාණය හා යුරේනියම් සාන්ද්‍රන මට්ටම අඩු වනු ඇති බව හෙතෙම සඳහන් කර ඇත.

ඉරාන මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ හෙතෙම පැවසුවේ 2015 වසරේ එළඹි ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධ ගිවිසුමට අනුව ඉරානය සතු කේන්ද්‍රාපසාරී යන්ත්‍ර ප්‍රමාණය සීමා කෙරෙනු ඇති බවයි. ඔස්ට්‍රියාවේ වියානා අගනුවර පැවැත්වෙන ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවේදී ගිවිසුමකට එළඹීමට හැකි වුවහොත් අදාළ සීමාව ක්‍රියාත්මක  කරන බවද හෙතෙම  සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම