විවාදය අවසානයේ දී සියලු දෙනාට එකඟ විය හැකි පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට හැකිවන පරිදි ක්‍රියා කරන ලෙසට කතානායකවරයා ගෙන් ඉල්ලීමක්
2022-04-07 19:04:34
Share with:

දේශපාලන අරමුණු පසෙක ලා විවාදය අවසානයේ දී සියලු දෙනාට එකඟ විය හැකි පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට හැකිවන පරිදි ක්‍රියා කරන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුව ආරම්භයේ දී සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඊයේ දිනයේ  පැවති විවාදයයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සහ විසඳුම් ඉදිරිපත් කිරීම විරල වීම කණගාටුවට කරුණක් බව කතානායකවරයා සඳහන් කළේය.

විවාදය පවත්වාගෙන යාමට විවිධ බාධා පැමිණවීම සහ පාර්ලිමේන්තුව දෙවරක් අත්හිටුවීමට සිදු වූ බවත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක එවැනි ක්‍රියා සිදු නොවිය යුතු බව පෙන්වා දුන් කතානායවරයා, දයාසිරි ජයසේකර සහ විජයදාස රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ අදහස් අගය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම