යුරෝපා සංගමයෙන් රසායනික, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික තර්ජනයන්ට මුහුණදීමේ හදිසි උපායමාර්ගික සංචිතයක්
2022-04-07 10:09:09
Share with:


යුරෝපා කොමිසම, රසායනික, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික තර්ජනයන්ට මුහුණදීමේ හදිසි උපායමාර්ගික සංචිතය සකස් කරයි.

රසායනික, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික ඇතුළු පොදු සෞඛ්‍ය අවදානම්වලට මුහුණදීමේ හැකියාව ඉහල නංවාලීම එහි අරමුණ බව යුරෝපා කොමිසම ඊයේ(6) පැවසීය.

යුරෝ කෝටි 54.05ක වටිනාකමෙන් යුතු එම උපායමාර්ගික සංචිතයට, අදාල තර්ජනයන්ට මුහුණදීම සඳහා වන උපකරණ, ‍ඖෂධ, එන්නත්, සෙසු චිකිත්සක ද්‍රව්‍ය, පවිත්‍රකරණ උපකරණ යනාදිය ඇතුළත් වේ.

සැඟව පවතින තර්ජනයන්ට මුහුණදීමට සූදානම්වීම සඳහා යුරෝපා සංගමය ප්‍රායෝගික පියවර ගනිමින් සිටින බව අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීම පිළිබඳ යු‍රෝපා කොමිසමේ සාමාජික Janez Lenarcic මහතා හෙළි කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම