යුක්රේන අර්බුදය පිළිබඳව තම රටට ඇති එකම අපේක්ෂාව සාමය බව චීනය කියයි
2022-04-06 10:01:38
Share with:

යුක්රේන අර්බුදය පිළිබඳව චීනයට ඇති එකම අපේක්ෂාව සාමය බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යුක්රේන තත්ත්වය පිළිබඳව ඊයේ(05) පැවැත්වූ විවෘත රැස්වීමට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

යුක්රේන තත්ත්වය සමනය කරමින් හැකි ඉක්මණින් යුද්ධය අවසන් කිරීම ඉදිරියට මෙහෙයවීම ජගත් ප්‍රජා‍වේ මෙන්ම චීනයේ දැඩි අපේක්ෂාව බව හෙතෙම පැවසීය.

රුසියාව හා යුක්රේනය සාකච්ඡා මාර්ගවලින් ගැටුම් විසඳීම චීනය පිළිගනී. අසීරුතා හා මතභේද ජයගනිමින් අර්බුදය සම්පූර්ණයෙන් ම නිරාකරණය කිරීමට අඛණ්ඩ ව පහසුකම් සැලසිය යුතුය. එසේම, ජගත් ප්‍රජාව එම දෙපාර්ශ්වයට සාකච්ඡා පැවැත්වීම සඳහා මනා පහසුකම් නිර්මාණය කළ යුතු මිස, බාධාකිරීම හෝ ප්‍රතිවිරෝධතා උත්සන්න නොකළ යුතුය. සාමය උදෙසා සාකච්ඡා පැවැත්වීමට අඛණ්ඩ ව සහාය දක්වන චීනය, යුක්රේන අර්බුදය විසඳීමට සංවර්ධනාත්මක හා වගකීම් සහගත කාර්යභාරයන් ඉටුකරනු ඇති බව ද එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිතයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම