මෙම වසරේ ඇමරිකාව තුළ දරුණු ආර්ථික අවපාතයක් උද්ගත වනු ඇතැයි විශේෂඥයෝ පවසති
2022-04-06 11:31:05
Share with:

මෙම වසරේ ඇමරිකාව තුළ දරුණු ආර්ථික අවපාතයක් උද්ගත වනු ඇතැයි විශේෂඥයෝ පවසති.

යුක්රේන ප්‍රශ්නය සහ රුසියාවට පනවන සම්බාධක ඇමරිකානු ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇත. මෙම වසරේ ඇමරිකාවේ ආර්ථීකය ශීඝ්‍ර අවපාතයකට   මුහුණ දෙනු ඇතැයි ජනමත විමසුමකට එක්වූ ඇමරිකානු ජනතාවගෙන් 81% පිරිසක් විශ්වාස කරන බව, මෑතකදී ඇමරිකාවේ CNBC පුවත් නාළිකාව පෙන්වාදෙයි.

එම ශීඝ්‍ර අවපාතය එළඹෙන ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේ උද්ගත වනු ඇතැයි ඇමරිකාවේ ජාතික ආර්ථික සභාවේ හිටපු අධ්‍යක්ෂ Lawrence Lindsey මහතා පසුගිය 4 වැනිදා පැවසීය. ඇමරිකාවේ ආර්ථිකය පෙර නොවූ විරූ අවදානමකට මුහුණ දෙමින් සිටින අතර, එය බරපතල අවුල් සහගත තත්ත්වයකට පත්වීමේ විශාල ඉඩක් පවතින බවට JP Morgan Chase බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි Jamie Dimon මහතා ද අදහස් දක්වා ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම