රුසියාව කෙරෙහි සතුරු ආකල්පයක් දරන රටවලට ධාන්‍ය අපනයනයේදී වඩාත් ප්‍රවේශම් වන බව එරට ජනපති කියයි
2022-04-06 09:25:14
Share with:

රුසියාව මෙම වසරේ ධාන්‍ය අපනයනය සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් වනු ඇති බවත්, ඒ විශේෂයෙන්, “පැහැදිලිවම රුසියාව කෙරෙහි සතුරු ආකල්පයක් දරන” රටවලට බවත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා ඊයේ (5) ප්‍රකාශ කළේය. රුසියාව කෘෂිකාර්මික සංකීර්ණ සහ ධීවර කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා ආනයන මත යැපීම අවම කරනු ඇත.

රුසියාවෙන් ගල් අඟුරු ආනයනය තහනම් කිරීමටත්, රුසියානු නැව් යුරෝපා සංගම් වරායන්ට ඇතුළුවීම තහනම් කිරීමටත් යුරෝපා කොමිසම විසින් නව සම්බාධක වටයක් යෝජනා කළ බව එම කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය ඊයේ (5) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය. මෙම යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටවල නියෝජිතයෝ අද (6)  රැස්වෙති.

මීට අමතරව, යුරෝපා සංගමයේ වාරික සභාපති රට වන ප්‍රංශයේ ආර්ථික හා මුදල් අමාත්‍ය Bruno Le Maire මහතා ඊයේ (5) ප්‍රකාශ කළේ, යුරෝපා සංගමය රුසියාවට එරෙහිව තවත් ආර්ථික සම්බාධක, බලශක්ති අංශයට ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම