ආසියා ශාන්තිකර කලාපයේ අපේක්ෂිත ආර්ථික වර්ධනය පහළට
2022-04-06 15:42:01
Share with:

ආසියා ශාන්තිකර කලාපයේ අපේක්ෂිත ආර්ථික වර්ධනය පහළ දැමේ.

රුසියානු - යුක්‍රේන අර්බුද‍යේ බලපෑමෙන් එම කලාපයේ මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන අනුපාතය, පසුගිය වසරේ ඉදිරිපත් කෙරුණු සියයට 5.4ක අගයේ සිට සියයට 5ක් දක්වා පහළ දමන බව ලෝක බැංකුව ඊයේ(5) ප්‍රකාශ කළේය.

යුක්රේන අර්බුදයේ බලපෑම අඛණ්ඩව පැවතියහොත් මෙන්ම, විවිධ රටවල රජයන් ඊට සාර්ථක ප්‍රතිපත්ති ඔස්සේ මුහුණදීමට අපොහොසත් වුවහොත්, එම අනුපාතය සියයට 4ක් දක්වා අඩු කිරීමේ ඉඩකඩ පවතින බව ද ලෝක බැංකුව පවසයි.

මෙම වසරේ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල දළ දේශීය නිෂ්පාදන වටිනාකමේ වර්ධනය සියයට 5.2ක් වන අතර, වසර 2023 වනවිට එය සියයට 5.3ක් වන බව ලෝක සංවර්ධන බැංකුව නිකුත් කළ නවතම ආර්ථික ඉදිරි දැක්මේ සඳහන් බව තවත් වාර්තාවක් දක්වා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම