පාර්ලිමේන්තුවේ 113ක බහුතර සහාය පෙන්වන්නේ නම් ඕනෑම පාර්ශ්වයකට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපතිවරයා පවසයි
2022-04-05 16:51:12
Share with:

කුමන හෝ පාර්ශ්වයක් පාර්ලිමෙන්තුවේ 113ක බහුතර සහාය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04) පැවැසූ බව හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා මන්ත්‍රීවරුන් 132 දෙනකු සහභාගි වී සිටි බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම