විදේශීය මිත්‍රශීලී නොවන ක්‍රියාවලට ‍එරෙහි වීසා පියවර නියෝගයට රුසියානු ජනාධිපතිවරයා අත්සන් තබයි
2022-04-05 16:47:52
Share with:

රුසියානු ජනාධිපති Vladimir Vladimirovich Putin මහතා ඊයේ(4) "විදේශීය මිත්‍රශීලී නොවන ක්‍රියාවලට ‍එරෙහි ප්‍රති වීසා පියවර  සම්බන්ධ නියෝගයකට අත්සන් කළේ ය.

මෙම නියෝගයට අනුව, යුරෝපා සංගමය, Norway, Iceland, Switzerland සහ Liechtenstein සමඟ අත්සන් කළ වීසා පද්ධතිය සරල කිරීමේ ගිවිසුම ඇතුළු බහු ගිවිසුම්, ක්‍රියාත්මක කිරීම රුසියානු සමූහාණ්ඩුව විසින් අත්හිටවනු ඇත.

විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයා ඊයේ(4) ප්‍රකාශ කළේ, යුරෝපා සංගමය රුසියාවට එරෙහිව නව වටයේ සම්බාධක පැනවීමේ සැලැස්ම සැකසීම වේගවත් කරනු ඇති බවයි. යුරෝපා සංගමය යුක්රේනයට අඛණ්ඩව සහයෝගය දක්වනු ඇති අතර, රුසියාවට එරෙහි සම්බාධක තවදුරටත් දැඩි කරනු ඇති බව, ඔහු සඳහන් කළේ ය.

මේ අතර අරාබි  සංගමය ප්‍රකාශ කළේ, අරාබි ලීගයේ මහ ලේකම්වරයා ගේ ප්‍රමූඛත්වයෙන් අරාබි ඇමති මට්ටමේ නියෝජිත පිරිසක් ඊයේ(4) රුසියාවට ළඟා වී, රාජ්‍යතාන්ත්‍රික ආධාරයෙන් රුසියානු-යුක්රේන විසඳීම සඳහා උත්සාමයක නිරත වන බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම