කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙසට පොලීසියෙන් ඉල්ලීමක්
2022-04-05 16:49:54
Share with:

කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (04) දිනයේ විවිධ ප්‍රදේශවල පැවති මහජන විරෝධතාවල ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම් හා අනර්ථය සිදු කිරීම වැනි ක්‍රියාවල නිරතවූ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් වීඩියෝ සාක්ෂි මඟින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය සදහන් කරයි.

ඇතැම් උද්ඝෝෂණවල යෙදීසිටි පුද්ගලයින් විසින් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම්, අනර්ථය සිදුකිරීම් වැනි ක්‍රියා සිදුකළ බවට වාර්තා වී ඇත.

එවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති තවත් පුද්ගලයින් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම