ඇමරිකාව යථාර්ථවාදී නම් එකඟතාවකට පැමිණිය හැකි බව ඉරාන විදේශ ඇමතිවරයා පවසයි
2022-04-05 17:30:25
Share with:

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධ වියානා සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට උපකාර කිරීම සඳහා යථාර්ථවාදී වන ලෙසට ඉරාන විදේශ ඇමතිවරයා ඇමරිකාවෙන් ඉල්ලීමක් කරයි. ඔහු

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකාවේ  “අධික ඉල්ලීම්” සහ  ඉරානය එවැනි ඉල්ලීම් කිසි විටෙකත් පිළි‍ නොගන්නා තත්ත්වයක් තුළ  වියානා සාකච්ඡා අතර මග නතර විය හැකි බවයි.

ඇමරිකාව යථාර්ථවාදී නම් එකඟතාවකට පැමිණිය හැකි බවද  හෙතෙම පෙන්වා දුන්නේය.

මීට පෙර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසු‍වේ වියානා සාකච්ඡා එකඟතාවයෙන් තොරව ඇදී යාම සම්බන්ධයෙන්  ඇමරිකාව වගකිව යුතු බවයි.

පසුගිය සති කිහිපය පුරා, වියානා වාර්තාවන්ට අනුව ප්‍රකාශ කෙරුණේ සාකච්ඡා පාර්ශ්වයන් අවසන් එකඟතාවකට සමීප වෙමින් සිටින බවයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම