පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ස්වාධීන වෙති
2022-04-05 16:52:02
Share with:

රජයට සහයෝගය ලබා දෙමින් සිටි පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

රටේ වත්මන් තත්ත්වය වහා වෙනස් නොකොලොත් රට අරාජික විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනකු ද පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.රජයට සහයෝගය දෙමින් සිටි ලංකා  කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ද පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ ජීවන්  තොණ්ඩමන් සහ මරදපාන්ඩි රාමේෂ්වරම්ය.

ජීවන්  තොණ්ඩමන් මහතා ඔහු මෙතෙක් දරු වතුනිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස් විය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම