නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති
2022-04-04 18:50:25
Share with:

නව  අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දෙති . ඔවුහූ අද (04)  දහවල් දිවුරුම් දුන්හ.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ. 

මුදල්  ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. 

කැබිනට්  මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර  පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය  පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම