කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කෙරේ
2022-04-03 16:19:25
Share with:

කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි. එම ගැසට් නිවේදනය ඊයේ (2) සිට බලාත්මකයි. ඒ අනුව අප්‍රේල් දෙවැනිදා සිට ජූනි මස 30 වැනිදා දක්වා කාලය තුළදී කල් ඉකුත් වන රියැදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය මාස හයක් දක්වා දීර්ඝ කර තිබේ.

මේ අතර, ජූලි මස 01 වැනිදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වැනිදායින්  කල් ඉකුත් වීමට නියමිත රියැදුරු බලපත්‍රවල වලංගු කාලයද මාස 03 කට දීර්ඝ කර තිබෙ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම