මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
2022-04-02 14:45:44
Share with:

මහජන ආරක්‍ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව, ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් මහජන ආරක්‍ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්‍ෂිත කිරීමටත්, ජනජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාමටත් මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත.

මේ අතර, ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අද (02) පෙරවරු 6.00 දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් බලප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම