ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම සියයට 40 කින් ඉහළට
2022-03-31 16:45:46
Share with:

කොවිඩ් වසංගත අභියෝග මධ්‍යයේ පවා පසුගිය වසරේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම සියයට 40 කින් ඉහළ යයි. එසේම, ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට කෙරෙන අපනයන ද වර්ධනය වී ඇති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පවසයි.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිදුකරන ලද භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 815 දක්වා සියයට 34 කින් ඉහළ ගොස් තිබේ. එය එක්සත් ජනපදයට හා යුරෝපා සංගමයට පසු තුන්වන විශාලතම අපනයන ගමනාන්තය බවට පත්ව තිබීම විශේෂත්වයකි.

මෙරට ආයෝජන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ඉන්දීය රජය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා ඇති බවද මහකොමසාරිස්වරයා පවසයි. ශ්‍රී ලංකා ලොජිස්ටික් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ 2022 සම්මාන උළෙල අමතමින් පසුගියදා හෙතෙම මෙම කරුණු අනාවරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම