බිම්ස්ටෙක් රටවල ආර්ථිකය යථා තත්වයට පත්කිරීමට එම රටවල සහයෝගිතාව ඉහළ නැංවිය යුතු බව ජනපති කියාසිටී
2022-03-31 17:00:59
Share with:

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව  අවසන් වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් තෙදින සමුළුව කොළඹදී පැවැත්විණ.

බිම්ස්ටෙක් සාමාජික රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම මෙන්ම විශිෂ්ට ආර්ථික සමෘද්ධියක් අත්කර ගැනීමට සාමාජික රටවල සහයෝගිතාව ඉහළ නැංවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමුළුව අමතමින් පැවසීය. මත්ද්‍රව්‍ය, මිනිස් ජාවාරම්, ත්‍රස්තවාදය සහ ආගමික අන්තවාදය වැනි පොදු තර්ජන වැළැක්වීමට කලාපීය රටවල් එක්ව ක්‍රියාකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය සහ අනෙකුත් ගෝලීය අර්බුද නිසා උද්ගතව ඇති අයහපත් ආර්ථික තත්ත්ව හේතුවෙන්  දියුණු වන රටවලට දැඩි ඍණාත්මක බලපෑමක් එල්ලවී තිබේ. වසංගත අවස්ථාවේදී බිම්ස්ටෙක් රටවල සහයෝගිතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇගැයීමට ලක්විය.

මෙහිදී අවබෝධතා ගිවිසුම් 3 කට අත්සන් තැබිණ. සාමාජික රටවල් හතේ රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගි වුයේ විඩියෝ තාක්ෂණය ඔස්සේයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම