ශ්‍රී ලංකාව හා‍ බංග්ලාදේශය අතර සාගර ආර්ථික සහයෝගතා වර්ධනයට අවධානය
2022-03-31 10:04:52
Share with:

බංගල්දේශයේ අපනයන සහ ආනයන වෙළඳාම සඳහා කොළඹ වරාය වැඩි වශයෙන් භාවිත කරන ලෙසට ශ්‍රී ලංකාව එරටට යෝ‍ජනා කරයි. බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීම සඳහා කොළඹට පැමිණ සිටින බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම යෝජනාව කළේය.

විවිධ බහුපාර්ශ්වික සංසදවලදී අඛණ්ඩව සහය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා  බංග්ලාදේශයට ස්තූතිය පළ කළ අතර අනාගතයේ දී ද සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ. ආහාර සුරක්ෂිතතාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සෞඛ්‍ය සේවා සහ සාගර ආර්ථිකය ඇතුළු නව ක්ෂේත්‍ර පිළිබඳව ද දෙපාර්ශවය සාකච්ඡා කළහ.

දෙරට අතර වෙළෙඳාම වැඩිදියුණු කිරීම සහ පහසුකම් සැලසීම සඳහා ද්වීපාර්ශ්වික වරණීය වෙළෙඳ ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කෙරිණ.

බංග්ලාදේශයේ ප්‍රමුඛතම වරාය වන චිතගොන් සහ කොළඹ වරාය අතර වාණිජ සහ මගී ප්‍රවාහන නෞකා මගින් වෙළඳ හා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරන ලෙසට බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා එහිදී ඉල්ලා තිබේ.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම