පලාලි හා මඩකලපුව ගුවන් තොටුපොළවල් අන්තර්ජාතික මට්ටමට.
2022-03-30 16:50:15
Share with:

පලාලි හා මඩකලපුව ගුවන් තොටුපොළවල්  ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි. ඒ අනුව මෙරට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුකෙරෙන ගුවන් තොටුපොළවල් සංඛ්‍යාව 5 දක්වා ඉහළ යයි.

වසර 55 කට පසුව රත්මලාන ගුවන් තොටුපොළ පසුගිය 27වැනිදා  සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළේය. ගුවන් තොටුපොළ සංවර්ධනයෙන් දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි රාජ්‍ය ඇමති ඩී. වී. චානක මහතා පෙන්වා දෙයි.

කොළඹ දී ඊයේ ආරම්භ වු සමුළුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙවන මගී පර්යන්තය ලබන වසරේ විවෘත කළ හැකි බවයි. මේ වනවිට එම ගුවන් තොටුපොළේ වාර්ෂික ගුවන් මගී ධාරිතාව ලක්ෂ 60 කි. නව පර්යන්තය විවෘත කිරීමත් සමග එය ලක්ෂ 150 දක්වා ඉහළ නැංවිය හැකිවෙයි.

භාණ්ඩ පර්යන්තයක් ද, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මේ වනවිට ඉදිවෙමින් පවතී. එමගින් වාර්ෂික ගුවන් භාණ්ඩ මෙහෙයුම් සංඛ්‍යාව මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 4 දක්වා ඉහළ නැංවීමට හැකි වන බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම