බිම්ස්ටෙක් සමුළුව ජනපතිගේ සභාපතිත්වයෙන් අද (28) කොළඹදී
2022-03-28 15:04:37
Share with:

බහු ආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් අද (28) කොළඹදී රැස්වෙයි. මෙවර පැවැත්වෙන්නේ සංවිධානයේ පස්වන සමුළුව වන අතර, එය දින තුනක කාලයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මේ සඳහා රටවල් 7 ක නියෝජිතයෝ සහභාගි වෙති.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, සහ තායිලන්තය එම රටවල් වේ. එයින් රාජ්‍ය නායකයෝ කිහිපදෙනෙක් සූම් තාක්ෂණය ඔස්සේ සමුළුවට සහභාගි වෙති. බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව තර කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණකි. මෙහිදී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීති ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම