පූර්ණ එන්නත්කරණ සහතිකය ලබන මස 30 වෙනිදා සිට අනිවාර්ය කෙරේ
2022-03-28 15:22:31
Share with:

පොදු ස්ථානවලට ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ බවට වන සහතිකය ලබන මස 30 වෙනිදා සිට අනිවාර්ය කෙරේ. අදාල පොදු ස්ථාන ලැයිස්තුව ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. එබැවින් මෙතෙක් තුන්වන මාත්‍රාව ලබා නොගත් පිරිස් අලුත් අවුරුද්දට පෙර එය ලබාගන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වන විට එන්නත් මාත්‍රා තුනම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පිරිස හැත්තෑ අට ලක්ෂයකට ආසන්නය. එන්නත් මාත්‍රා දෙකක් ලබා ඇති සංඛ්‍යාව එක්කෝටි හතළිස් ලක්ෂයකට අධික වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම