පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීමේ බාධා ඉවත් කරන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්
2022-03-27 18:29:49
Share with:

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීමට පවතින බාධා ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවෙයි. ඊට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිටි මහතාට උපදෙස් දී තිබේ. එම අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඉන්ධන භාවිතයෙන් විදුලි ඒකකයක් උත්පාදනයට රුපියල් 60 කට වැඩි වියදමක් දැරීමට සිදුවෙයි. එහෙත් පුනර්ජනනීය බලශක්ති යොදා ගන්නේ නම් ඊට වැය වන්නේ රුපියල් 20 ක පමණ අවම මිලක් බව එහිදී හෙළිවිය. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත් කුමාරසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේ විදුලි අර්බුදය විසඳීමට පුනර්ජනනීය බලශක්තිය හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම