උත්සව සමයේ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ සහ ආහාර ජනතාවට සපයන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක්
2022-03-27 18:28:22
Share with:

උත්සව සමයේ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ සහ ආහාර ජනතාවට සපයන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. වැටලීම් සහ පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරේ. ඊට අදාල පැමිණිලි ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කළ හැකි බව එම සංගමයේ සභාපති උපුල් රෝහන මහතා කීවේය. www.phi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම