චීනයෙන් ශ්‍රී ලංකාවට ආහාර සහනාධාරයක්
2022-03-26 14:52:45
Share with:

 

චීනය ශ්‍රී ලංකාවට හදිසි ආහාර සහනාධාරයක් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා ප්‍රකාශ කරයි.

 ඔහු එසේ පැවසුවේ ඊයේ(25) කොළඹදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදීය.   

චීන - ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 65 වැනි සංවත්සරය මෙම වසරට යෙදේ. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර හිඟතාව සැලකිල්ලට ගනිමින් චීන රජය හදිසි ආහාර ආධාරයක් සහෝදර ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දීමට තීරණය කර ඇතැයි චී ජෙන්හොන්ග් මහතා පැවසීය.

වසංගතය ගෝලීයව ව්‍යාප්ත වෙමින් ජගත් නාවික ප්‍රවාහන හැකියාව බලපෑමට ලක් වීම හමුවේ වුවද දෙරටේ තාක්ෂණික කණ්ඩායම්, අසීරුතා මග හැර එම ආහාර කඩිනමින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට වෑයම් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ අසීරු අවස්ථාවල උපකාර දැක්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා චීන රජය වෙත ස්තුති පුද කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි. ශ්‍රී ලංකාව චීනය සමග පවතින මහඟු සාම්ප්‍රදායික මිත්‍රත්වය සැම විටම අගය කරයි. චීනයේ නොසැලෙන අනුබලය ඇතිව වත්මන් අසීරුතා මග හැර අර්බුදකාරී තත්ත්වයෙන් රට මිදීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම