ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ
2022-03-26 16:00:50
Share with:

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද මෙරට දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කළ බව එම මධ්‍යස්ථානය පවසයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ආයතන 5 ක් ඒකාබද්ධ ව නිර්මාණය කර ඇති කිට්සුනේ චන්ද්‍රිකාවේ ඉංජිනේරු තාක්ෂණික දායකත්වය ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින් ලබා දී ඇත.

කිට්සුනේ උසින් සෙන්ටිමීටර 30 ක් ද ,පළලින් සෙන්ටිමීටර 20 ක් ද ,ඝනකමින් සෙන්ටිමීටර 10 ක් ද වේ.

කිට්සුනේ පෙබරවාරි 18 වෙනි දින සිග්නස් 17 රොකොට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ඇරඹීය.එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි 400 km දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම සාර්ථකව සිදු කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම