අලුත් අවුරුද්දට පෙර තෙල්, ගෑස්, විදුලි අර්බුද විසඳීම සඳහා විශේෂ පියවර
2022-03-25 19:02:42
Share with:

අලුත් අවුරුද්දට පෙර තෙල්, ගෑස්, විදුලි අර්බුද විසඳීම සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් පනස් දෙනකුගෙන් යුත් සංචිතයක් පත් කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

සිංහල අලුත් අවුරුද්දට පෙර තෙල්, ගෑස් පෝලිම සහ විදුලි කප්පාදුව නැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පනස් දෙනකුගෙන් යුත් සංචිතයක් ඒ වෙනුවෙන් නම් කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම