සොබාදනවි ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරය මගින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක්
2022-03-25 19:00:47
Share with:

සොබාදනවි ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරය මගින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක් කෙරේ. එහි සමස්ත ධාරිතාව මෙගාවොට් 350 කි.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ නිසි කලට මෙම බලාගාරයේ ඉදිකිරීම් අවසන් කළේ නම් වර්තමානයේ රට මුහුණපා ඇති විදුලි අර්බුදය ඇති නොවන බවයි. ඇය මෙම අදහස් පළ කළේ කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන මෙම බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

සොබාදනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරයයි. 2024 වසරේ දී මෙය ඉදිකර අවසන් කිරීමට නියමිතයි. මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදු කිරීම විශේෂත්වයකි.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම